සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් අද (10) පත් කළේය.

කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් නියෝග කර තිබේ.

එම වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *