වෙනිසියුලාවේ සිදුවූ භූමිකම්පනයෙන් පුද්ගලයින් 32 දෙදෙනෙකු මියගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව අද(25) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන ඇති අතර, එහි බලපෑම කොලොම්බියාවට ද දැනී තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGC) අනුව, මොන්ටල්බන් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 13.2ක ගැඹුරකින් රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇත.
භූ කම්පනයත් සමඟ කැරකස් හි ගොඩනැගිලි කඩා වැටී ඇති අතර, එහි ජනතාව එම ස්ථානවලින් ඉවත්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර, වෙනිසියුලාවට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූකම්පනයක් හටගෙන ඇති අතර, ඒ හේතුවෙන් අගනුවර ඇතැම් ගොඩනැගිලි කඩා වැටී දැඩි හානි සිදුව තිබේ.
මෙම භූකම්පන දෙක ඇති වීමෙන් පසුව වෙනිසියුලාවට සහ ඒ ආසන්න කැරිබියන් දුපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න