වෑන් රථ අනතුරක්- පුද්ගලයෙකු මරුට හය දෙනෙකුට තුවාල.

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ, තණමල්විල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අද(03) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් හය දෙනෙකු තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට සහ හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතු වන්නට ඇතැයි පොලීසිය සැකපල කරනවා.

අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *