විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් වෙනුවෙන් වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක් අංශයක් රුපියල් ලක්ෂ 1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය විකාශය කර නොමැති බව විගණනයකින් සොයාගෙන ඇතැයි ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
‘ඌව අභිමානි ප්‍රදර්ශනය’ විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය එම ප්‍රදර්ශනය සංවිධාන කරයි.
තමන් අමාත්‍යංශයේ වැඩ බාරගෙන ප්‍රථමයෙන්ම සිදුකළේ විගණන අංශයේ නිලධාරීන් කැඳවා සාකච්ඡා කිරීම බවත් එහිදී තමන්ට මෙම කරුණ අනාවරණ වූ බවත් ඇමැතිවරයා පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න