ලක්ෂ 60ක් වටිනා රන් ආභරණ කොල්ලකෑ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට.

ගණේමුල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයක් ඔස්සේ මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 17ක සහ 20ක තරුණයින් දෙදෙනෙක් වන අතර ඔවුන් කැන්දලියද්දපාලුව හා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උණු කර සකස් කරන ලද ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 350ක් සහ ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 15ක් බර රන් කැබලි දෙකක් ද සොයාගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *