යුරෝපයේ හදුනානොගත් ඩ්‍රෝන යානා භීතිකාවක්.

හදුනානොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීමට සිදුව ඇත.

ජර්මානු වේලාවෙන් ඊයේ (2) රාත්‍රී 10න් පසු ගුවන්ගමන් 17ක් අවලංගු කිරීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මගීන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත් වූ බව සඳහන්.

එමෙන්ම මියුනිච් වෙත පැමිණෙන ගුවන්ගමන් 15ක් ඔස්ට්‍රියාවේ වියානා ඇතුළු ජර්මනියේ ප්‍රදේශීය ගුවන්තොටුපොළ කිහිපයකට යැවීමට සිදුව ඇත.

කෙසේ නමුත් එරට වේලාවෙන් අලුයම 5ට පමණ ගුවන්තොටුපොළ යළි විවෘත කර තිබේ.

මීට පෙර මෙවැනිම හදුනා නොගත් ඩ්‍රෝන යානා හේතුවෙන්  ඩෙන්මාර්කයේ ද මගීන් රැසක් පීඩාවට පත්විය.

ඒ හේතුවෙන් ඩෙන්මාර්ක ගුවන් කලාපයේ සියලුම සිවිල් ඩ්‍රෝන ගුවන්ගමන් තහනම් කළේය.

එමෙන්ම පෝලන්තය සහ රුමේනියාව හරහා නේටෝ ගුවන් සීමාවේ මෙන්ම එස්තෝනියානු ගුවන් සීමාව උල්ලංඝනය කරමින්ද මීට පෙර ඩ්‍රෝන යානා ගමන්කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ලවිය. කෙසේ නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *