මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික හා මානසික අසාමාන්යතාවන්ට පත් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රමිකයින් දෙදෙනෙකු හෙට (27) දිනයේදී නැවත දිවයිනට එවීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.එම කාර්යාංශය පැවසුවේ ඉන් එක් ශ්‍රමිකයෙකු ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ කාර්යාංශයේ ලියාපදිංචි වී පසුගිය 2024 සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායල රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අයෙකු බවය.එහිදී ඔහු පසුගිය මාස 2ක කාලය තුළ තම සේවා ස්ථානයට වාර්තා නොකර ඇති අතර ජෙරුසලමේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ඔහු ටෙල්අවිව් නුවරට රැගෙන විත් තිබේ. ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්ව කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු දිවයිනට පිටත් කිරීමට කටයුතු යොදා ඇත.අනෙක් පුද්ගලයා වසර 07ක කාලයත් එරට සේවය කර ඇති අයෙකු වන අතර එහිදී ඔහු දීර්ඝ කාලයක් පුරාවට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් නියමිත පරිදී තම සේවා ස්ථානයට වාර්තා කර නොමැති බවත් එම කාර්යාංශය පැවසීය.විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී රැකියා සඳහා විදේශගතවීම හෝ තමන් සේවය කරන රටේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සිදු කිරීමෙන් වළකින ලෙසත් ඇතැම්විට අදාළ රටවල නීතියට අනුව එයින් වැරදිකරු වුවහොත් සිරදඬුවම්වලට ලක්වීමට පවා සිදුවිය හැකි බවය.එමෙන්ම මේ සම්බන්දව රැකියා අපේක්ෂිතයින් දැඩි ලෙස අවධානය යොමු කරන ලෙසත් දන්වා ඇති එම කාර්යාංශය පැවසුවේ මෙවැනි පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමු කිරීමේදී ව්‍යාජ සහතික නිකුත් කරන ආයතන කෙරෙහිද දැඩි අවධානය යොමු කරන බවත් එවැනි ආයතනවලට හෝ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන බවත් එම කාර්යාංශය පැවසීය.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න