ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් 18 දෙනා ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළ ද මේ දක්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ඇමැති ටිරාන් අලස්, හිටපු ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් සහ හිටපු ඇමැති මහින්ද අමරවීර යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබා නොදුන් බව නීතිපති අධිකරණයට දන්වා සිටියේය.
මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ 29 වැනිදා අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඒ බව දන්වා සිටියාය.
එහිදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළේ එම හිටපු කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ ලබාගෙන එහි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දුන් හිටපු ඇමැතිවරුන් 15 දෙනාගෙන් ලබා ගත් ප්‍රකාශවල සම්පිණ්ඩන වාර්තා නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න