සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු හෙයින් විපක්ෂයේ සියලුම පක්ෂවල ප්‍රතිසංවිධානයක් කළ යුතු බවට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇත.
මෙම තනතුරු වෙනස්කම් සිදුවන්නේ එම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ යැයි දැනගන්නට ඇත.
මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල අඩුපාඩුකම් පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටු පත්කිරීමටද ඒ ඒ පක්ෂ නායකයෝ අදහස් කරගෙන සිටින බව ‘දේශය’ වාර්තා කරයි.
පක්ෂයේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමටද බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් ‘දේශය’ සමග අදහස් දැක්වා ඇති සමග ජන බලවේගයේ නායකකු පවසා ඇත්තේ, පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉතා ඉක්මණින්ම අරඹන බවයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න