පුංචි ඡන්දය පවත්වන දිනය ගැන තීන්දුවක් ගන්න මැතිවරණ කොමිසම වැඩට බසී

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව වර්තා වන අතර, එහිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳ සාකච්ඡා වී තිබේ.

මැතිරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් එහිදී තීරණය වී නොමැති අතර ඉදිරි දිනවල දී යළි කොමිෂන් සභාව රැස්වී අවසන් තීනිදුවක් ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *