පුංචි ඡන්දයේ නාමයෝජනා අහෝසි කිරීමට පක්ෂ නායකයෝ තීරණය කරති

පළාත් පාලන මැතිවරණය සඳහා 2022 වසරේදී කැඳවන ලද නාමයෝජනා අහෝසි කර දැමීමට පසුගිය සඳුදා සවස පැවති පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පක්ෂ නායකයන් තීරණය කර ඇත.

එකී නාමයෝජනා අහෝසි කොට අලුතින් නාමයෝජනා කැඳවීමට සියලුම පක්ෂ නායකයන් මෙහිදී එකඟ වී තිබේ.

සභානායක බිමල් රත්නායක, සෙසු පක්ෂ නායකයන් වන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, එම්. ශ්‍රීධරන්, රවුෆ් හකීම්, රවි කරුණානායක සහ කතානායක ආචාර්ය අශෝක රන්වල, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය යන පිරිසද මෙම පක්ෂ නායක හමුව නියෝජනය කර ඇත.

ඒ අනුව 2022 වසරේදී පළාත් පාලන ඡන්දය සඳහා කැඳවන ලද නාමයෝජනා අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙනඒමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *