පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පනවා තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.ඒ අනුව අද (26) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදී එම අනතුරු ඇඟවීම් යළිත් දීර්ඝ කිරීමට පියවර ගන්නා බව එම සංවිධානය පැවසීය.ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර 02ක යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබේ.එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, බද්දේගම, නාගොඩ, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, ඇහැලියගොඩ, අයගම, නිවිතිගල, රත්නපුර සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 01 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.මීට අමතරව දිවයිනේ කඳු ආශ්රිත ප්‍රදේශ සඳහා අඛණ්ඩ වැසි ලැබෙමින් පවතින බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව අනතුරුදායක ස්ථානවල පදිංචිකරුවන් මේ සම්බන්ධව දැඩි අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය මහජනතාව වෙත දැනුම් දී තිබේ.
අලුත්ම පුවත්
-
ජුලි මාසයේ ගෙවුණු දින 21ට සංචාරකයින් 138,730ක් මෙරටට ඇවිත්.
-
කැස්පියන් මුහුදේ දී ඉරාන වාණිජ නෞකාවකට ප්‍රහාරයක්.
-
දියේ ගිලී පාසල් සිසුවෙකු මරුට.
-
රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට.
-
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි.
-
ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන් .
-
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට.
-
එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්.
-
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට ජාත්‍යන්තර උසස් වීමක්.
-
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට පැලවත්තේ නිවසකින් ගිනි අවියක් හමුවෙයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න