කලවාන වැද්දාගල ප්රදේශයේ වැද්දාගල ගඟෙහි දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගයාන් සදරුවන් නැමැති එම ප්රදේශයේම පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.
මොහු තවත් මිතුරෙකු සමඟ වැද්දාගල ගඟේ දිය නාමින් සිටියදී දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කලවාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



ප්රතිචාරයක් ලබාදෙන්න