ගණේමුල්ලේ දී මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු අත්අඩංගුවට.

ගණේමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

එහිදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 470ක් සහ හෙරොයින් ග්‍රෑම් 230ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 සහ 26 හැවිරිදි වියේ පසුවන බොල්ලත සහ ගණේමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *