පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වන බරපතළ මූල්‍ය වංචා හෝ දුෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව දැනට පවතින ස්ථාවර නියෝග 120(4) සංශෝධනය සදහා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙමඟින් කාරක සභාව වෙත විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පරීක්ෂා කිරීමේදී බරපතළ මුල්‍ය වංචා හෝ දුෂණ ක්‍රියාවන් සිදුව ඇති බවට නිගමනය කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා සෘජුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට යොමු කරනු ලැබිය හැකි බවට යෝජනා වී ඇත.ඒ අනුව මෙම යෝජනාව සළකා බැලීමට ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද අතර අනතුරුව අදාළ ඉදිරි පියවර ගැනීමට නියමිතය.
අලුත්ම පුවත්
-
ජුලි මාසයේ ගෙවුණු දින 21ට සංචාරකයින් 138,730ක් මෙරටට ඇවිත්.
-
කැස්පියන් මුහුදේ දී ඉරාන වාණිජ නෞකාවකට ප්‍රහාරයක්.
-
දියේ ගිලී පාසල් සිසුවෙකු මරුට.
-
රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට.
-
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි.
-
ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන් .
-
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට.
-
එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්.
-
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට ජාත්‍යන්තර උසස් වීමක්.
-
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට පැලවත්තේ නිවසකින් ගිනි අවියක් හමුවෙයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න