ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.තවද එම සඟරාව දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම සිට පෞරාණික නටබුන් සහ වනජීවී සෆාරි යනාදියද ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරාගැනීමට හේතු වී ඇත.ටයිම් අවුට් සංචාරක සඟරාවට අනුව මෙම ශ්‍රේණිගතකිරීමට සෘතුමය චමත්කාරය, සංස්කෘතික සිදුවීම් සහ ඔක්තෝබර් මාසයේදී විශේෂයෙන් භුක්ති විඳිය හැකි අත්දැකීම් යනාදිය පදනම්කරගෙන තිබේ.මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය තුර්කියටද, අමෙරිකාවේ නිව් මෙක්සිකෝ තෙවන ස්ථානයේ දී නම්කර තිබේ.අනෙකුත් ගමනාන්ත වන්නේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා, අමෙරිකාවේ නිව්යෝර්ක්, පිලිපීනය, භූතානය, බොස්නියාව සහ හර්සගොවිනා, රුමේනියාවේ ටිමිසෝරා, අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ සහ නැමීබියාවයි.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න