අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන ලද වැටලීම්වලදී ගොවිජන සංවර්ධන නිලධාරියෙකු, කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු සහ කාන්තා ආරක්ෂක නිලධාරිනියක අත්අඩංගුවට ගෙන තිබේ.වැටලීම් 02කට අදාළව මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.දෙනියාය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මාර්ගය ආසන්නයේ ඇති කුඹුරු ඉඩමක කන්ටේනර් පෙට්ටියක් තබා තිබිය දී එය පරීක්ෂා කිරීමෙන් පසුව ඒ සඳහා පැමිණිලිකරුට සහන සැලසීමත්, නීතිය මඟින් කටයුතු නොකර සිටීමත් වෙනුවෙන් රු.25,000ක දඩයක් ඉල්ලූ ගොවිජන සංවර්ධන නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙනියාය, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ගොවිජන සංවර්ධන නිලධාරියෙකු බව සඳහන් වේ.මේ අතර රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු ද ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.සමන්තුරෛ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.එම සිදුවීමට අදාළව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවයේ නියුතු කාන්තා ආරක්ෂක නිලධාරිනියක ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න