අරගලයෙන් පසු නේපාලයේ සංචාරක පැමිණීම කඩාවැටෙයි.

නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් එරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින වාතාවරණය හමුවේ එරට සංචාරක පැමිණීම් සියයට 30කින් පහළ ගොස් ඇති බවය.මෙම කාල සීමාව නේපාලයට සංචාරකයින් බහුලව පැමිණෙන කාලසීමාවක් වන අතර කදු තරණය සඳහා පැමිණෙන සංචාරකයින් එහිදී කැපී පෙනෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.කෙසේවෙතත් නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් කත්මණ්ඩු හි කාර්යබහුල සංචාරක මධ්‍යස්ථානයක් වන තාමෙල් සංචාරක කලාපයේ සාප්පු, අවන්හල් පාළුවට ගොස් ඇති බව වාර්තා වෙයි.නේපාලයේ ඇතිවූ ප්‍රචණ්ඩ විරෝධතාවලින් පුද්ගලයින් 72දෙනෙකු මියගොස් තවත් 2000කට අධික පිරිසක් තුවාල ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *