අදානි මන්නාරමේ අරඹන්න ගිය සුලං විදුලි බලාගාරය අත්හිටුවයි..

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සමාගම් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අදාළ සමාගමට වඩා මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාවය පළකර ඇතැයි ද පැවසූ ඔහු මෙරට විදුලි උත්පාදනය විදේශීය සමාගම්වලට නතු වීම අනතුරුව දායක බවත් පැවසීය.

විදුලිය නිපදවීම මිල අඩු කර ගැනීමට නම් ඉන්ධන භාවිතය අඩුකර වෙනත් පුනර්ජනනීය බල ශක්තිය සඳහා යොමු විය යුතු බවත් ස්වභාවික බලශක්ති උත්පාදනයට නවීන තාක්ෂණය යොදාගත යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *