ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රාහී පක්‍ෂයක් ලෙස නැවත ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කරන පියවර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත ලිපියක් යොමු කර ඇත.
ඒ අනුව පක්‍ෂය නැවත ශක්තිමත්ව නඟාසිටුවීම සඳහා තමාගේ පූර්ණ සහයෝගය ලබාදීමටත් තමා විසින් දමන ලද නඩුද ඉවත් කර ගැනීමට පියවර ගන්නා බවටත් එම ලිපිය මගින් දැනුම් දුන් බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික පුවත්පතකට පවසා තිබේ.
එමෙන්ම පක්‍ෂයේ අනෙකුත් පාර්ශ්වය විසින් දමන ලද නඩු හබද ඉවත් කරගතහොත් පක්‍ෂය නැවත ගොඩගැනීමට හැකිවන බවත් ඒ සඳහා සුදුසු දූෂිතයන් නොවන පිරිසිදු තරුණ පිරිසකට පක්‍ෂය භාර දෙන ලෙසත් සිරිසේන මහතා එම ලිපිය මගින් දැනුම් දී තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න