අද දින නව ජනතා පෙරමුණ කොළඹ දිසා නායක දිනේෂ් අබේකෝන් මහතා හා මොරටුව ආසන සංවිධායක සුමිත් චන්ද්‍රලාල් ප්‍රනාන්දු මහතා ,දෙහිවල ආසන සම සංවිධායක අමිල කුරේ මහතා සමන් රණතුංග මහතා හා අප පක්ෂ සාමාජික ප්‍රකාශ් මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය වෙත කිරිපැණි,කෙසෙල් ඇදුම් පැළදුම් මේ සියල්ල රැගෙන පැමිණියේ මේ රටේ ව්‍යසායක වසන්න සමරසිංහ මුදලාලි මහත්තයා හම්බවෙන්න.
මොකද පසුගිය වසර 25 ඇතුලත එතුමාගේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දෙන්න පුළුවන්. මොකද එතුමා නිර්ධන පන්තියේ ජීවත්වන රටේ පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියා රගපෑවාට එතුමා ඉහල ප්‍රභු පවුලක කෙනෙක් බව එතුමාගේ වත්කම් බැරකම් වලින් අපි දැක්කා. කොටි 28 ක මුදලක් වසර 25 ක් පූර්ණ කාලීනව දේශපාලනය කරපු ව්‍යාපාර කිසිවක් නොකරපු වසන්ත සමරසිංහ මුදලාලි මහත්තයා උපයා ගැනීම සිදු කලේ කෙසේ ද කියලා අපිට හිතාගන්න අමාරුයි.
එතුමා ප්‍රකාශ කර සිටියේ ඇදුම් පැළදුම්, කිරි පැණි, කෙසෙල්, ඇතුළු අනිකුත් කෑම බීම දෙන්නේ එතුමාගේ පාක්ෂිකයෝ කියලා. මේ වනවිට එතුමාගේ පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නේ. මෙලෙස කෝටි ගාණක වත්කම් තමන් සතුව තියාගෙන රටේ ජනතාව විශේෂයෙන්ම එතුමාගේ පාක්ෂිකයෝ රවටපු එක සම්බන්ධයෙන් වසර 25 පුරාවට. ඒ නිසා අද දින කිරිපැණි කෙසෙල් අරන් අපි ආවේ හොඳම නළුවාට මේ ටික දිලා යන්න. එතුමා බාරගත්තේ නැත්තන් අපි මේ සියල්ල මෙහි තියලා යනවා.
කොටපොල ජයශාන්ත මහතා මෙතෙක් කිරිපැණි කෙසෙල් ගෙනත් දුන්නා නමුත් ඔහුටත් මේ වනවිට පාරේ බැහැලා යන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා වසන්ත සමරසිංහගේ ,බිමල් රත්නායකගේ, ලාල්කාන්ත ගේ සුනිල් හදුන්නෙත්තිගේ වත්කම් දැක්කම. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ 3% සාමාජිකයින් තම අතේ තිබුන රු 100 දීලා තමයි මේ අමාත්‍යමණ්ඩලය පෝෂණය කලේ. ඒ නිසා දැන් ඔවුන් දැඩි මැලිකමක් දක්වනවා පුර්ණ කාලීනව කෝටිපති මුදලාලිලා පෝෂණය කරන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා මෙවැනි නළුවන් රැකගන්න එන්න කියලා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ 3% කාඩර්වරුන්ටත් අපි කියනවා අඩුම තම දරුවන්ට රු 100 න් බිත්තරයක් වත් අරන් දෙන්න. ඒ තුලින් දරුවන්ට අඩුම පෝෂනය වත් ලැබෙනවා.
අපි විශේෂයෙන්ම මේ රටේ 3% ක ජනතා විමුක්ති පෙරමුණ පාක්ෂිකයන්ට කියන්නේ තව දුරටත් ගොනාට ඇනද වෙන්න එපා කියලා.
හොඳම නළුවාට හිමි සම්මානය අමාත්‍ය වසන්තට ….
Spread the news
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට


ප්‍රතිචාරයක් ලබාදෙන්න