සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට පසුබිම් සහිත අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ වන විට කොළ පාට පසුබිම් සහිත අංක තහඩු 8,000ක් පමණ මුද්‍රණය කර ඇති බවය.
ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත විද්‍යුත් මෝටර් රථ සදහා මෙම කොළ පාට පසුබිම් සහිත අංක තහඩු නිකුත් කිරීමට පියවර ගත් බව තුෂාර ප්‍රනාන්දු මහතා පැවසීය.
එය ගැසට් කිරීම සදහා මේ වන විටත් යොමු කර ඇති අතර මෙය නීත්‍යානුකූලව වලංගු වන බවට සියලු පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම් දුන් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සදහන් කර සිටී.



ප්‍රතිචාරයක් ලබාදෙන්න