විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී තිබේ. ඒ, එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ය.අමාත්‍ය විජිත හේරත් මහතා ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තමබින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවය.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්වී සිටී.ඒ අනුව අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් අතර හමුවක්ද සිදුවී තිබේ.එහිදී ද ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
අලුත්ම පුවත්
-
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.
-
ඩෙංගු රෝගීන් ගණන 50,459ක් – මරණ 30ක්.
-
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් දෙනවා – ඇමති වසන්ත .
-
රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි.
-
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි.
-
හෙට සිට දින තුනක් වහළ මත ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි දන්වයි.
-
ජපානයට රික්ටර් මාපක 5.8ක භූචලනයක් .
-
තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුදුවක්.
-
මාතරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 40කට ආසන්න පිරිසක් රෝහලට.



ප්‍රතිචාරයක් ලබාදෙන්න