රුපියල් විසි කෝටි දහඅට ලක්ෂ අනූ දහසක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කැනඩා ජාතික පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් මිලදී ගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් අද (26) අලුයම 02.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 ග්‍රෑම් 117ක අධික ප්‍රමාණයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් ව ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න