රත්මලානේ සයිමා ඇතුළු තිදෙනා මැලේසියාවෙන් පිටත්වෙයි

මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා මැලේසියාවෙන් පිටත්ව ඇති බව වාර්තා වේ.මැලේසියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර, සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් මෙරටට රැගෙන එනු ලබයි.මෙම සැකකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන්”ගේ ප්‍රධාන ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *