2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට කඳවීමක් සිදුකර ඇත.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ සටහන් කර ගත යුතු බව ලිපියක් මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා දැනුම් දී තිබේ.මේ සම්බන්ධයෙන් 2025.09.08 වන දිනද ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඒ මහතාව කොමිෂන් සභාව වෙත කැදවීම් කල නමුත් ඔහු විදේශ ගතවී සිටීම හේතුවෙන් ප්‍රකාශය ලබා දීම සදහා පැමිණීමට අපොහොසත් වී ඇත.එබැවින් ඉහත කරුණු සම්බන්ධව ප්‍රකාශයක් ලබාදිම සඳහා හෙට දිනයේ පෙරවරු 09.30 ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සභාවේ, ජාවත්ත පාර, කැප්පෙටිපොළ මාවතේ පැරණි ජාතික හැදුනුම්පත් කාර්යාල ගොඩනැඟිල්ලේ දෙවන මහලේ පිහිටා ඇති දූෂණ විමර්ශන අංශ iv වෙත පැමිණෙන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න