මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු අද (17) දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බව සඳහන් වේ.මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබේ.ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවනු ලැබුවාය.ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී ඇති බව සඳහන් වේ.මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37කි.
අලුත්ම පුවත්
-
තද සුළං පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්.
-
නවතම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් – දිනන දකුණ.
-
ජුලි මාසයේ ගෙවුණු දින 21ට සංචාරකයින් 138,730ක් මෙරටට ඇවිත්.
-
කැස්පියන් මුහුදේ දී ඉරාන වාණිජ නෞකාවකට ප්‍රහාරයක්.
-
දියේ ගිලී පාසල් සිසුවෙකු මරුට.
-
රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට.
-
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි.
-
ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන් .
-
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට.
-
එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න