බහරේනයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 32දෙනෙකුට තුවාල.

බහරේනයේ අගනුවර ආසන්නයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 32දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ සියලුම දෙනා බහරේන් වැසියන් වන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූවන් අතර හිසට සහ ඇසට බරපතළ තුවාල සිදු වූ 17 හැවිරිදි දැරියක් ද සිටින බවය.

එමෙන්ම එම පිරිස අතර මාස දෙකක් වයසැති බිළිදෙක් ද සිටින බව වාර්තා වේ.

එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ තුවාල ලැබූ පිරිසෙහි සිටින සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවත්, ශල්‍යකර්ම අවශ්‍ය වූ කුඩා දරුවන් ද ඒ අතර සිටින බවත් ය.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *