මෙරට නිල සංචාරයක නිරත ව සිටින පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනන් ජෙනර්ල් Muhammad Ali මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර හමුවක් ඊයේ (03) දිනයේදී පැවැත්විණි.
ඒ කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදීය.
06 වන පාකිස්තාන – ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය සඳහා සහභාගී වීම සඳහා පසුගිය 01 වැනිදා ඒ මහතා මෙරටට පැමිණ තිබුණි.
මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දෙරටේ ආරක්ෂක සංවාදයේ ප්‍රගතිය, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, හමුදාම සබඳතා පුළුල් කිරීම සහ පොදු උපායමාර්ගික වැදගත්කමකින් යුත් ක්ෂේත්රයන්හී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමුව තිබේ.
මීට අමතරව සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය සහ ආපදා කළමනාකරණය යන ක්ෂේත්රයන්හි පවතින විබව සහයෝගීතාවයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
විශේෂයෙන්ම ආපදා වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ඇතුළත් පුළුල් ප්‍රවේශයක් අනුගමනය කරමින් ආපදා අවදානම් අවම කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
ඒ අනුව සම්බන්ධීකරණ රැස්වීම්, කාලගුණ අනාවැකි හුවමාරු කර ගැනීම සහ කලාපීය ආපදා කළමනාකරණ අභ්‍යාස සඳහා ක්‍රියාකාරීව දායකවීම වැනි සහයෝගීතා යාන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන හොඳම භාවිතයන් සහ ප්‍රවීණත්වය හුවමාරු කර ගැනීමටද දෙපාර්ශවය මෙහිදී එකඟතාවය පැමිණ තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න