බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මෙම මෙහෙයුම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.
එමෙන්ම සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිත පාර්ශ්ව රැසකගේ ඒකාබද්ධ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගිත්වය ඉහළ නංවා ගනිමින් බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ම ආවරණය වන පරිදි මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න