තංගල්ල සීනි මෝදර ප්‍රදේශයේ නිවසත් තුල තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මීට දින කිහිපයකට පෙර මුහුදු මාර්ගයෙන් යාත්‍රා දෙකකින් මෙරටට ගෙනවිත් ඇති බව මේ වන විට තොරතුරු හෙළි වී තිබෙනවා.එම මත්ද්‍රව්‍ය තොගය කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩබෑමෙන් පසු වෙරළ අසල තිබූ නිවසකට ගෙන ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.මත්ද්‍රව්‍ය තොගය ලොරි රථවල පටවා සීනි මෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවලට අවස්ථා දෙකකදී ප්‍රවාහනය කර තිබෙනවා.මාවැල්ල වෙරළේ සිට සීනිමෝදර නිවසට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර පිරිස පසුව එම නිවසේදී මත්පැන් පානය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.එම මළ සිරුරු අසල අයිස් මත්ද්‍රව්‍ය ද තිබුණු බව පොලීසිය පවසනවා.එම නිවසේ සිට මත්පැන් පානය කළ තිදෙනා අතරින් රෝගී වූ 49 හැවිරිදි පුද්ගලයා ඔහුගේ පුතුන් දෙදෙනා විසින් රෝහල් ගත කර තිබුණා.ඉන් පසු සිය පියාගේ කුඩා ලොරි රථය රැගෙන යාම සදහා ඔවුන් සීනි මෝදර නිවසට පැමිණි අවස්ථාවේදී නිවසේ සිටි පිරිසක් තමන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කරවීමට උත්සාහ කළ බවයි ඔවුන් දෙදෙනා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.ඔවුන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට


ප්‍රතිචාරයක් ලබාදෙන්න