පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් වැනසී ඒවායේ වාසය කළ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී තිබේ.පැය 10කට ආසන්න කාලයක් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවාදැමීමට බලධාරීන්ට හැකිව තිබුණේ අද අලුයමයි.කෙසේ නමුත් මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.පිලිපීනයේ මැනිලා අගනුවර තදාසන්න කලාපයක පිහිටි පැල්පත් නිවාස දහස් ගණනක් ගින්නකට හසුව විනාශ වී තිබේ.මේ අනුව නිවාස 1100ක් පමණ වැනසී ගොස් ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.එරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ හටගත් ගින්න නිවාදැමීම අසීරු වී ඇත්තේ එය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්ය.ගිනි නිවන රථ රැසක් යොදවා ගින්න නිවාදැමීමට බලධාරීන්ට හැකිව තිබුණේ අද අලුයමයි.ගින්න හේතුවෙන් අවතැන් වූ පිරිස් මේ වනවිට රජයේ පාසල් සහ රජයේ කාර්යාල වෙත යොමුකර තිබේ.මැනිලා නුවර පැල්පත් නිවාස පිහිටි කලාප රැසක් ඇති අතර, එම කලාපවල මෙවන් බරපතළ අනතුරු සිදුවූ අවස්ථා රැසක්ම පසුගිය කාලයේදී වාර්තා වුණි.
අලුත්ම පුවත්
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න