ගෑස් සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්

මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බවය.

ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ඉන්ධනවලට අපි දිගු කාලීන ටෙන්ඩර් ප්‍රධානය කරලා තිබුණා. නමුත් අපි දිගුකාලීන ටෙන්ඩර් දෙකක් විශේෂයෙන් මෙට්‍රික් ටොන් 90,000 නැව් දෙකක් නියමිත කාලයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. පෞද්ගලික අපේ තෙල් සැපයුම්කරුවන් ඉන්නවා ඔවුන්ගෙන් එක නැවක් අපිට නියමිත කාලයට ලැබෙන්නේ නෑ කියලාත් දැන් වාර්තා වෙලා තියෙනවා. අපිට අවශ්‍ය ඉන්ධන සැපයීමේ අඩුවක් තියෙනවා.. එක නැවක ප්‍රමාදයක් මේ ජාලයටම බලපෑම් එල්ල කරනවා. ඒ නිසා අපි ඉලක්ක කරලා තියෙන ඉන්ධන සැපයුම අපිට ලැබෙන්නේ නෑ.

අපි මේ වෙනකොට මැදිහත්වීම් කිහිපයක් කරලා තියෙනවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්. දෙවැනි එක අපි ඉක්මන් ටෙන්ටර් කිහිපයක් දැම්මා. අපි අද ටෙන්ඩරයක් දැම්මා ඩීසල්, බොරතෙල්, ලිහිසිතෙල්, පෙට්‍රල්, සඳහා අපිට ඉතාම විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ටෙන්ටර් ඇවිල්ලා තියෙනවා.

ඩොලර්වලින් ව්‍යාපාරවල යෙදෙන අය ව්‍යාපාර සඳහා ඔවුන්ට බලපත්‍රයක් දෙන්න ඔවුන්ට අවශ්‍ය වන තෙල් ආනයනය කර ගැනීම සඳහා කියලා ඔවුන්ට අපි තාවකාලික බලපත්‍රයක් ලබා දීලා තියෙනවා.

මාර්තු මාසේ ගෑස් අවශ්‍යතාවය තිබ්බේ 33,000යි නමුත් අපි 38,000ක් ඇනවුම් කළා මාර්තු මාසයට පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩාල කරලා තිබෙන නිසා. ඒ මෙට්‍රික් ටොන් 38,000ම ලැබිලා තිබෙනවා. තව අපි ගෑස් නැවක් ඇනවුම් කරලා තියෙනවා ඒක හෙට හෝ අනිද්දා ලැබීමට නියමිතව තිබෙනවා ඒ නිසා ගෑස් අර්බුදයක් ඇති වෙන්නේ නෑ.

ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන අපේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා හරහා ලබා ගැනීමට සාකච්ඡා කරමින් තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් යනවා.

QR කේතයේ යම් යම් ගැටලු තිබෙනවා කියලා අපි දන්නවා. යම් ගැටලු මතුවෙනවා කියලා පූර්ව අවබෝදයකින් යුතුව තමයි අපි ඉරිදා දිනයක්ම තෝරාගත්තේ. දැන් මිලියන 5කට අධික පිරිස් ලියාපදිංචි වෙලා තිබෙනවා. යම් ජාතික පද්ධතියේ ගැටලුවක් එන බව දැනගෙනම තමයි අපි මේක දැම්මේ.

අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා අපි ආරක්ෂිත තෙල් තොග පවත්වාගනිමින් යනවා.ඉන්ධන අත්‍යවශ්‍යම තැන්වලට ඒවා බිඳ වැටෙන්නේ නැතිව QR එක ප්‍රමාණවත් නැත්නම් ඒක වැඩි කරමින් ලබා දීම සඳහා අමාත්‍යාංශ මගින් වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා. 

ආහාර සැපයුම් ජාලය අපි අධ්‍යනය කරමින් යනවා. විශේෂයෙන් උත්සව සමය එන්නේ. අපි මාස 3ක් දීර්ඝ වශයෙන් තොග රැස් කරන්න පුළුවන් අය සමග සාකච්ඡා කරා ඔවුන්ගාව ඒ මාස 3ක තොග ගබඩා කරන්න පහසුකම් තිබෙන බව වාර්තා කළා. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් ඇති නොවීම ගැන අපි කල්පනා කරනවා.

අපි හැම අමාත්‍යාංශයකටම ඉලක්කයක් දීලා තියෙනවා තමන්ගේ අමාත්‍යාංශයේ තෙල් ප්‍රමාණය අඩු කරගත යුතුයි. අඩුම තරමේ 25%කින්වත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා අපිට දැනටමත් වාර්තාවක් ලබා දීලා තිබෙනවා ඒ අමාත්‍යාංශය සම්බන්ධව.

අපි ඉතාමත් සාර්ථකයි අපි දවස් දෙකක් වැඩ කරනවා. දවසක් නිවාඩු දෙනවා ආයේ දවස් දෙකක් වැඩකරනවා . අපිට රාජ්‍ය සේවයේ අඛණ්ඩතාව තමයි වැදගත් වුණේ. 

අපි ප්‍රධාන ක්ෂේත 4ක, අඛණ්ඩ බලශක්තිය සැපයීම සඳහා, අත්‍යශ්‍ය සේවාවන් සඳහා, රාජ්‍ය සේවය සූදානම් කිරීම, පීඩාවට පත්වෙන ප්‍රජාවට ලබා දෙන සහනාධාර පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. කිසි කෙනෙක් බියට පත්විය යුතු නෑ. 

බලශක්ති අර්බුදයක් මතුවෙනවානම් අපි ඒක තමයි ක්ෂණික මිලදී ගැනීම සඳහා අපි ටෙන්ටර් කෝල් කළා. ඒකෙන් අපි නැව් 5කට අවසර ලබා දෙනවා. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලදීත් අපි ගල් අඟුරු ඇතුළත් කරලා තිබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි ඒකට කටයුතු කරනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *