අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ, ජල පිරිපහදු කටයුතු මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබේ.ඒ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන ආශ්රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වළවේ ගඟට මුසුව තිබීම හේතුවෙන් මීට දින කිහිපයක සිට වලවේ ගඟේ මසුන් මියගොස් ඇති බවට වාර්තා වීමත් සමඟය.මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි පර්යේෂණයක් සිදුකරන තෙක් පිරිපහදුවේ පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දී තිබේ.එමෙන්ම මෙම තත්ත්වය මත, පවතින පිරිපහදු කළ ජල ප්‍රමාණය අම්බලන්තොට ජල පිරිපහදුවෙන් ජලය සැපයෙන ප්‍රදේශයන්ට ලබාදීමට හැක්කේ තව පැය තුනක පමණ කාලයක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙනු ලබයි.එසේ වුවද තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වුවහොත් නැවතත් ජල පිරිපහදු කටයුතු සිදුකිරීමටත් හැකි වනු ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.පවතින තත්ත්වය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න