පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීමට රුපියල් කෝටි 180ක් වැය වනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා පවසයි.
එම වගා හානි තක්සේරු කිරීම සඳහා එම මණ්ඩලය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයන් හත් දෙනකුගෙන් යුතු කමිටු, වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක මට්ටමින් පත්කර තිබුණි.
ඒ සඳහා සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි, කෘෂිකර්ම උපදේශක කෘපනිස නිලධාරි, ග්‍රාම නිලධාරි, ගොවි නියෝජිතවරුන්ගෙන් සමන්විතව එම කමිටු පත් කොට තිබිණි.
වගා වන්දි ලබාගැනීම පිණිස ගොවීන් එක් ලක්ෂ හයසිය දාහතර දෙනකු අයැදුම් කර ඇති අතර කුඹුරු වගා බිම් දෙලක්ෂ අටසිය හතරක් ඇති බවද වාර්තා කර ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න