බදු නොගෙවා ගෙන්වා හොරෙන් ලියාපදිංචි කළ වාහන 6000ක් රටපුරා…හොයාගන්නෙ මෙහෙමයි…

රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කර ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන හයදහසකට (6000) ආසන්න ප්‍රමාණයක් රට පුරා සංසරණය වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.කේ. උඩවෙල මහතා පවසයි.

මේ වනවිට එසේ ආනයනය කළ බවට හඳුනාගත් වාහන සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා සඳහන් කරයි.

එවැනි වාහන සිය භාරයට ගෙන වැඩිදුර විමර්ශන කර රේගු බදු හා වෙනත් ගාස්තු අය කරගැනීමට රේගුවට භාර දීමට කටයුතු කළ බව ද හෙතෙම පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිර්ව්‍යාජ ගැනුම්කරුවකු වාහනයක් මිලදී ගැනීමට පෙර, එම වාහනයට නිසි පරිදි තීරුබදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති බව තහවුරු කර ගැනීමට සුදුසු මාර්ගගත ප්‍රවේශයක් සකස් කරන මෙන් රේගුවට ලබාදුන් මාර්ගෝපදේශ පරිදි ශ්‍රී ලංකා රේගුව විසින් මාර්ගගත ද්වාරයක් හඳුන්වා දී ඇත.

කිසියම් පුද්ගලයකු මිලදී ගැනීමට අපේක්ෂා කරන වාහනය නීත්‍යනුකූලව ආනයනය කර නිසි පරිදි රේගු බදු ගෙවන ලද වාහනයක් දැයි https://services.customs.gov.lk/vehicles ලින්ක් එක මගින් මහජනතාවට දැනගත හැකි වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *