වාහන ආනයනයේ අලුත්ම කතාව මෙන්න…

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ, සීමාකිරීම් සහිතව වාහන ආනයනයට රජයේ අවධානය යොමුව ඇති නමුත්, සියලුම වර්ගවල වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ඕනෑම වාහන ආනයනයක් ඉතා ඉක්මණින් මෙරටට ආනයනය කිරීමේ අවස්ථාව ලැබෙන බව ජනතාවට හඟවමින් දැන්වීම් පළකරන ආයතන වලට ප්‍රතිචාර දක්වමින් අද කැබිනට් තීරණ දැනුම් දීමේදී අමාත්‍යවරයා එලෙස පැවසීය.

යම් සීමාකිරීම් සහිතව වාහන ආනයනට ඉඩ ලබාදෙන බවත්, ආනයනය සඳහා තීන්දු ගැනීමේ දී සංචිතය පිළිබඳව සහ රටේ ආර්ථිකය පිළිබඳව සැලකිලිමත් වෙමින් ක්‍රමාණුකූලව තීන්දු ලබාගන්නා බවත් ඇමැතිවරයා පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *