තඹුත්තේගම අනුර 15 දා ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 වනදා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය රජයේ ආරාධනයක් අනුව සිදුකෙරෙන මෙම නිල සංචාරය ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතාගේ පළමු විදෙස් සංචාරය ද වෙයි.

මෙම සංචාරයේදී අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට ද නියමිතව ඇති අතර, 16 සහ 17 වැනි දෙදින අනුර දිසානායක මහතා ඉන්දියාවේ රැඳී සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *