විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද දිවයිනට.!

සංචාරක අමාත්‍යාංශය පවසන්නේ මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව යි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විසි ලක්ෂයේ සංචාරකයා පිළිගැනීම සඳහා අද (26) පෙරවරුවේ උත්සවයක්ද සංවිධානය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය.

මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,966,256ක් වේ.

දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 161,383න් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 35,131කි.

රුසියාවෙන් සංචාරකයින් 22,637ක් , බ්‍රිතාන්‍යයෙන් 12,822ක්, ජර්මනියෙන් 9,998ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 8,646ක් දෙසැම්බර් මාසය තුළ දිවයිනට පැමිණ තිබේ.

මේ වසරේ ගතවු කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් වන 399,224ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර රුසියාවෙන් සංචාරකයින් 189,289ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 172,404ක්ද, ජර්මනියෙන් 131,379ක් ද චීනයෙන් 120,268ද ප්‍රංශයෙන් 86,440ක්ද මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණ තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *