රටම කළඹා සුනාමිය ඇවිත් ගිහින් අදට වසර 20යි…

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත ජීවිත හා දේපළ හානියක් සිදුකළ 2004 සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 20ක් සපිරේ.

2004 දෙසැම්බර් (26) වනදා ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසයෙන් ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14කට බලපෑම් එල්ල වූ අතර මුහුද ගොඩගැලීම නිසා ශ්‍රී ලාංකිකයින් 30,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර නිවාස හා දේපළ අලාභ හානි ඇතුළුව පුද්ගලයින් 502,456 දෙනෙකු මෙයින් බලපෑමට ලක්වූ බව සඳහන් වේ.

2004 සුනාමියෙන් අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සදහා අද (26) දින පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා කාලය තුළ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලබයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *