ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.
ඒ අමෙරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ග” සම්බන්ධයෙන් චෝදනා කරමින්ය.
මෙම පියවර මගින් ඇමරිකානු පුරවැසියන් හෝ අමෙරිකාවේ සමීප රාජ්‍යයන් පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණ පරීක්ෂණ සඳහා සහාය වන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා මූල්‍ය සහ වීසා සීමා පනවා තිබේ.
ට්‍රම්ප් මෙම පියවරට අත්සන් කළේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටනයේ චාරිකාවක යෙදී සිටියදී වීම විශේෂත්වයකි.
පසුගිය නොවැම්බර් මාසයේදී, ගාසා තීරයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර එය ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමාස් අණදෙන නිලධාරියෙකුට වරෙන්තුවක් ද නිකුත් කළා. ට්‍රම්ප්ගේ විධායක නියෝගයේ සඳහන් වූයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෑත ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක් සපයන බවත්, එය ඇමරිකානුවන් අනතුරේ හෙළන බවත්ය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න