රනිල්ගෙන් සජිත් බේරාගන්න සජිත් රැකගැනීමේ ව්‍යාපාරයෙන් විරෝධතාවක්.!

රනිල්ගේ ගැටයට අසු නොවන්නට’ මැයෙන් සජිත් රැකගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා රැළියක් සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී හෙට (08දා) උදෑසන 10ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂය සමඟ සමගි ජන බලවේගය සන්ධානගත වීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කරන බවත් රැලිය සංවිධානය කරන්නෝ පවසති.

විරෝධතාව සඳහා සහභාගිවීමට සමගි ජන බලවේග පාක්ෂිකයන් රැසක් පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.

එසේම සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද එදිනට විරෝධතාව වෙනුවෙන් පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *