මහනුවර පොලිස් වසමේ සුදුහුම්පොල ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක් සිදුකල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අළෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 130,670/=ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් හා ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න