බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන අමල් සිල්වා නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 4.5 වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වාහන පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයාට අයත් නිවසේ සඟවා තිබී ඇති අතර හමුදා ජීප් රථයකට සමාන මෙම වාහන ව්දෙස් රටක සන්නද්ධ හමුදාවක භාවිතා කර ඇති බවට සැක කරයි.
නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද ජිප් රථයක් පොලිස් භාරයට ගෙන සිදුකළ විමර්ශණයේදී අණාවරණය වූ තොරතුරු මත තවත් සුඛෝපභෝගි ජීප් රථ දෙකක් රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ ස්ථානයක සඟවා තිබී පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
රාජ්‍ය ආයතන වලින් ගර්භිත කරන ලද අංක යටතේ මෙම වාහන ලියාපදිංචි කර ඇති බවද පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න