සජබ ලැයිස්තු මන්ත්‍රී 5ට 40ක් පොරකාලා…

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගය පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහක් හිමි විය.

එම මන්ත්‍රී ධුර පහ ලබාගැනීම සඳහා හතළිහකට වඩා පිරිසක් පොරකෑ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරයි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක් වූ විවිධ දේශපාලන පක්ෂ, දේශපාලන කණ්ඩායම් ඇතුළත් කර ජාතික ලැයිස්තුවට විසිනව දෙනෙක් ඇතුළත් කර තිබූණේය.

අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඉඳුනිල් තුෂාර, ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු විශාල පිරිසක්ද එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා තිබූ බවට ද වාර්තා විය.

සමගි ජන බලවේග පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 5න් එක් මන්ත්‍රී ධුරයක් සදහා එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මුලින්ම පත් වූ අතර, ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 4න් මන්ත්‍රී ධුරයක් ඉල්ලා හතළිස් දෙනෙක් පමණ ඉදිරිපත් වූ බවත් ඒ අතරින් හතර දෙනෙක් තෝරා ගැනීම බරපතළ අභියෝගයක් වූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *