සජබ – එජාප හවුල ගොඩලු.!.. තවත් වටමේස සාකච්ඡාවක් හෙට.!

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබේ.

මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

එම සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර ඊයේ දිනයේ සාකච්ඡාවට ලක් වූ කරුණු පිළිබඳව අද දිනයේ දෙපාර්ශවය ඔවුන්ගේ කණ්ඩායම් නායකයින් දැනුවත් කරීමට නියමිතව ඇති බවත්, පාර්ශ්ව දෙක අතර තවත් සාකච්ඡා වටයක් හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *