ජපානයේ දිව්‍යමය පානය ‘සකේ’ යුනෙස්කෝ උරුම ලැයිස්තුවට

සුෂි වලට වඩා ප්‍රකට ‘සකේ’ ලෝක ප්‍රසිද්ධ ජපන් පාන වර්ගයකි.

ජපානයේ සූපශාස්ත්‍ර සම්ප්‍රදායන්හි තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සිනිඳු සහල් වලින් නිපදවන මෙම සාම්ප්‍රදායික වයින් වර්ගය යුනෙස්කෝව විසින් එහි “සංස්කෘතික උරුම” ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

එය ශතවර්ෂ ගණනාවක් පැරණි, කඳු මුදුන් ගබඩාවල පෙරන, ජපානයේ මංගල උත්සවවලදී වත්කර විශේෂ ටෝස්ට් සඳහා මඳක් සිසිල් කර, පිරිනමනු ලබන පානයකි.

පැරගුවේ ලූක් හි පැවැති රැස්වීමකදී මානව වර්ගයාගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා යුනෙස්කෝ කමිටුවේ සාමාජිකයෝ ලොව පුරා සංස්කෘතික භාවිතයන් සහ නිෂ්පාදන 45ක් පිළිගැනීමට ඡන්දය දුන්හ.

ඒ අතරට බ්‍රසීලියානු සුදු චීස්, කැරිබියන් කැසාවා පාන් සහ පලස්තීන ඔලිව් තෙල් සබන් ඇතුළත් වේ.

ඊජිප්තුවේ ගීසා පිරමිඩ වැනි මානව වර්ගයාට වැදගත් යැයි සැලකෙන ස්ථාන ඇතුළත් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුව මෙන් නොව, අස්පෘශ්‍ය සංස්කෘතික උරුම නම් කිරීම පිළිගැනීමට සුදුසු විවිධ සංස්කෘතීන්ගේ නිෂ්පාදන සහ භාවිතයන් නම් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *