යුක්‍රේනයේ වෙල්කා නොවොසිල්කා නගරය අල්ලා ගැනීමේ රුසියානු මෙහෙයුම…

යුක්‍රේනයේ වොල්කා නොවොසිල්කා නගරය අල්ලා ගැනීම මේ වන විට රුසියානු හමුදාවේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත.

රුසියානු හමුදාව මෙම නගරය ආසන්නයටම මේ වන විට ළඟාවී ඇති අතර, ඊට තදාසන්න නගර කිහිපයක් ද රුසියානු හමුදාව විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේනයේ ප්‍රධාන ගංගාවක් මෙම නගරය මැදින් වැටී ඇති අතර එම ගංගාව තරණය කරමින් රුසියානු හමුදාව මෙම නගරයට ඇතුළු වී ඇති බවත් වාර්තා වේ.

යුද අගල් සහ බංකර් සහිත යුද මරමස්ථානයක් වන මෙම නගරය ප්‍රධාන සැපයුම් මාර්ගයකින් සමන්විත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

යුක්‍රේන හමුදා ඉතා දුර්වල තත්ත්වයක් යටතේ රුසියානු හමුදා මෙම මෙහෙයුම ආරම්භකර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *