රටවිරු දූ දරුවන්ට කාණ්ඩ තුනක් යටතේ මුදල්…

රටවිරු දූ දරු ශිෂ්‍යත්වය සදහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් මසදී ආරම්භ කළ බවත්, එම කාලය දෙසැම්බර් මස (31) වැනිදායින් අවසන් වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

රටවිරු දූ දරු ශිෂ්‍යත්වය පිරිනැමීම පිළිබද පාසල් මට්ටමින් විගමණික ශ්‍රි ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය මේ සදහා යොමු කරන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.

එම ශිෂ්‍යත්ව කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබන අතර මුදලින් රුපියල් 25,000ක් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටත්, රුපියල් 30,000ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ටත් හා රුපියල් 40,000ක් උසස් පෙළ විභාගය සමත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සහ කාර්මික විද්‍යාල සදහා සුදුසුකම් ලබා ඇති දරුවන්ට පිරිනමනු ලබයි.

මේ සදහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සුදුසුකම් ඇති දරුවන් www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අයැදුම් කළ හැකි අතර මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව රැකියා සදහා විදේශගතව සිටින ලාංකික මව්පියන්ගේ දරුවන් උදෙසාය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *