රන්ජන්ගෙන් CIDය ප්‍රශ්න කරයි.. කාදිනල්තුමාට බණින හඬපට එළියට.!

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයේ වෛරී ප්‍රකාශ නිකුත් කර ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගෙන් (31 දා) පැය 2ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තා වේ.

සිවිල් ක්‍රියාකාරිකයකු වන නාමල් කුමාර නමැත්තා විසින් සිදුකළ මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය මීට ඉහතදී ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බවත් වාර්තා වේ.

රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයෙන් නිකුත් කළ ප්‍රකාශවලට අදාළ හඬපට තමන් සතු බව පවසන නාමල් කුමාර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කාදිනල්තුමන්ගෙන් ද ඉල්ලීම් කර ඇත.

මේ සම්බන්ධයෙන් නාමල් කුමාරගෙන් නැවත ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් කොළඹ අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *